විදුලිය සහ ඉන්ධන හදිසියේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කළේ ඇයි?
විදුලිය සැපයීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ නිකුත් කර ඇත.
ඒ අනුව ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන ඉහත සේවාවන් සඳහා කිසියම් හෝ බාධාවක් වීමට ඉඩ නොතැබීමට මෙම නිශ්චිත සේවා සැපයීමේ නියැළී සිටින සමුපකාර සමිති, රාජ්‍ය සංස්ථාවක් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ සමුපකාර සමිතියක් හෝ එහි ශාඛාවක් දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සපයනු ලබන සේවාවන් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එම ප්‍රකාශනයේ සඳහන් වේ.
විදුලිය සහ ඉන්ධන හදිසියේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කළේ ඇයි?
2024-03-04T11:05:00+05:30
Gossip Lanka Hot News





