gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ජනබලවේගයට එරෙහිව ජනපතිගේ කොන්ත්‍රාත් එකක් ගැන අනුර හෙළිදරව් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අරඹා ඇත්තේ ජාතික ජනබලවේගයට පහරදීමේ අරමුණින් ප්‍රචාරක ආයතන තුනකට කොන්ත්‍රාත්තු භාරදීමෙන් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

ඒ අනුව ජාතික ජනබලවේගය පිළිබඳව නරක චිත්‍රයක් ඇති කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ අයෙකුට ලබාදී ඇති බවයි ඔහු පවසන්නේ.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතුවලට 1988/89 සහ මැයි 9 වැනි සිදුවීම් උලුප්පා දක්වමින් ජනතාව තුළ භීතියක් ඇති කිරීම ඊට ඇතුළත් බවත්, එමඟින් නව විකල්ප අත්හදා බැලීමට මෙය කාලය නොවන බවට මතයක් ගොඩනඟා ගැනීමටත්, මෙම කොන්ත්‍රාත්තුව භාර දී ඇති බවයි අනුර දිසානායන පවසන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති කාන්තා සම්මේලනය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ජනතාවට ඒ හරහා ඒත්තු ගන්වන්නට වෑයම් කරන්නේ ජාතික ජනබලවේගය ප්‍රචණ්ඩ ක්‍රියා අත්හැර නැතිය යන්න බව අනුර පවසනවා. ඒ සඳහා 88-89 සහ මැයි 9 සිදුවීම් මතු කිරීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

දෙවැනුව ජනපතිවරයාගේ උත්සාහය නව විකල්ප අත්හදා බැලීමට මෙය කාලය නොවන බවත් පළපුරුදු අය පත් කළ යුතු බවට මතයක් ඇති කිරීම බව ජාතික ජනබලවේග නායකයා පවසනවා.

තුන්වැනුව එම ප්‍රචාරක මෙහෙයුම හරහා ජාතික ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීමට 51%ක් ලබා ගත නොහැකි බව සැකයක් ඇති කිරීමට ජනපතිවරයා උත්සාහ කරන බව ඔහු සඳහන් කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka