gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැනඩාවේදී සිංහල පවුලක්ම මරා දැමූ සැකකාර ෆෙබ්‍රියෝ සොයිසා ‌කැනඩා පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කරයි! විදෙස් මාධ්‍ය ෆොටෝ එළියට දමයි!

කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

එහිදී සැකකරු ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කර තිබුණි.

නැවතත් ඔහු ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනීමැරුම් හයක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවය.

කෙසේ වුව ද මෙම සැකකරු විසින් වික්‍රමසිංහ පවුල ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

පුද්ගලයින් 5 දෙනෙකු ගේ නම් සඳහන් කරමින් සැකකරුට අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන්ට කථා නොකරන ලෙසය.
 
ඉන් එක් අයෙකු වන්නේ බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ය.
 
ඝාතනය සම්බන්ධයෙන් කැනඩාවේ ඉගෙනුම ලබමින් සිටි 19 හැවිරිදි ෆේබ්‍රියන් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගැනුණි.

කැනඩා පොලිසිය පවසන්නනේ, සාහසිකයා මෙම සමූහ ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ, තියුණු ආයුධයක් බවය. 

චෝදනාවට ලක්ව සිටින තරුණයා ඝාතනයට ලක්වූ පවුල සමඟ එම නිවසේම ජීවත්ව සිටි බව සඳහන් ය.  

බ්‍රහස්පතින්දා මාධ්‍ය අමතමින් ඔටාවා පොලිස් ප්‍රධානී, එරික් ස්ටබ්ස් පැවසුවේ 911 හදිසි දුරකථන අංකය ඔස්සේ බදාදා රාත්‍රී 10.52ට පමණ ඇමතුම් දෙකක් ලැබුණු බවය.

ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කළේ මෙම ඝාතනය සිදුවීමට පෙර මෙම ශ්‍රී ලාංකික පවුල වෙතින් පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබූ බවය.  

කැනඩා පොලීසියට අනුව මෙලෙස ඝාතනය වී ඇත්තේ  35 හැවිරිදි මව වන දර්ශණී දිලන්තිකා ඒකනායක,  07 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ යන ඇගේ දරුවන් 04 දෙනා සහ 40  හැවිරිදි ගාමිණී අමරකෝන් නම් වික්‍රමසිංහ පවුලේ සමීපතමයෙක් බවයි. 

දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දුන් පිරිස මෑතකදී කැනඩාවේ පදිංචියට ගිය පිරිසක් වන අතර කැනඩාවේ උපත ලබා ඇත්තේ මාස දෙකක් වයසැති බාලම දියණිය පමණි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka