gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චෞර නඩයට උපරිම දඬුවම් දෙන එක දෙනවාමයි: එතනින් තමයි රට හදන්න ගන්නේ - මාලිමාවෙන් සහතිකයක්!

රට ගොඩනැගීමට නම් ඉදිරියේදී ආණ්ඩු මාරු පමණක් නොව පවතින ආර්ථික ප්‍රතිපත්ති ද වෙනස්විය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසේ 17 වැනිදාට කලින් මෙරට දේශපාලන ඉරණම වෙනස් කරන ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි.

එය නැවැත්වීමට වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බවත්, එය මැතිවරණ කොමිසම විසින් තීන්දු කරන බවත් විජිත හේරත් මහතා අවධාරණය කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ දිවුලපිටිය - මැදගමුවේ කොට්ඨාස සභාව පිහිටුවීම වෙනුවෙන් පැවති රැස්වීම අමතමින්.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ පැහැදිලිවම ව්‍යවස්ථාවේ සඳහන් වන බව පෙන්වා දුන් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ එයට වංගු ගහන්න හෝ වෙට්ටු දාන්න කාටවත් නොහැකි බවයි.

මාලිමාව බලයට ආ විගස මහජන ධනය කොල්ල කාපු හොර නිලධාරීන්වයි, ව්‍යාපාරිකයින්වයි, චෞර නඩයයි තුන්ගොල්ලෝම එකතු කරලා නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන බවට ඔහු එහිදී සහතික වුණා.

එතනින් රට හදන්න ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා,

"මාලිමාවේ අපි බලයට ආපු ගමන් තමුන්නාන්සේලාගේ මහජන ධනය කොල්ලකාපු හොර තක්කඩි ටිකයි, අතළොස්සක් වුණු නිලධාරි ටික හා ව්‍යාපාරිකයෝ ටිකයි චෞර නඩයයි තුන්ගොල්ලෝම එකතු කරලා නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන එක දෙනවාමයි.. ඒකෙන් තමයි අපි රට හදන්න පටන් ගන්නේ.. ඒ කිසිවෙකු සමග තිබෙන වෛරයකට නොවෙයි.. පෞද්ගලික තරහක් කිසිවෙකු සමග නැහැ.. නීතිය ක්‍රියාත්මක කරන්නේ රට හදන්න.. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රට හදන්න පටන් ගත්තේ එහෙම.. සිංගප්පූරුවේ ආර්ථිකය වේගයෙන් ශක්තිමත් වුණා.. ගෙවල්වල සෙල්ලම්බඩු, විසිතුරු බඩු, ඉඳිකටුව, අල්පෙනෙත්ත සියල්ලම චීනෙන් ගෙනාපුවා.. කුස්සියේ ගෑස් කුකර් එක, රයිස් කුකර් එක, පිහිය මේඩ් ඉන් චයිනා.. ටොයිලට් එක සෝදන බ්‍රෂ් එක චීනෙන් ගේනවා..අපි ඒ ක්‍රමය වෙනස් කරමු..

කවුරුත් පිළිගන්නා කාටත් තේරෙන ඇත්ත තමයි රටේම ජනතාව එක හඬින් කියන්නේ.. අවුරුදු 76ක් මේ රට පාලනය කළ දූෂිත පාලකයෝ පන්නලා දූෂිත පාලනයට එරෙහිව මේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනඟන නිෂ්පාදනය මත මේ රටේ ආර්ථිකය ගොඩනඟන එකම දේශපාලන බලවේගය යූ.එන්.පී, ශ්‍රී.ලංකා හැම පක්ෂයකම හොඳ මිනිස්සු එකතු කර ගත්ත ජාතික ජන බලවේගය, මාලිමාව කියලයි.. මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවනවා.. ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවක් නැහැ.."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka