ටුවරිස්ට් වීසා අරගෙන ලංකාවට ආපු රුසියන්කාරයොයි යුක්‍රේන්කාරයොයි දකුණේ හෝටල්වල රස්සා කරනවා! බිස්නස් කරනවා! ත්‍රීවීල් දුවනවා! ඩොලර් මාරු කරනවා! නොකරන දෙයක් නෑ! වේටර් වැඩේ පවා කරනවා! අපේ සංචාරක කර්මාන්තකරුවන් නන්නත්තාරයි! සංචාරක ඇමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! VIDEO
සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින රුසියානු සහ යුක්‍රේන ජාතිකයන් ව්‍යාපාරවල නිරතවන බව මාධ්‍ය අනාවරණ කළේය. මේවන විට විදෙස් සංචාරයකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙමින් සිටින අතර එලෙස සංචාරක වීසාමත පැමිණෙන විදේශිකයින් නීතිවිරෝධී අයුරින් මෙරට තුළ සංචාරක කර්මාන්තයේ නිරත වන බවට දේශීය සංචාරක කර්මාන්තයේ නිරතවූවන් චෝදනා කරයි.
එම චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට මාධ්‍ය දකුණු පළාතේ ගවේෂණයක නිරත විය.
එහිදී දැකගත හැකිවුණේ සමාජ මාධ්‍ය ගිණුම් මඟින් විවිධ සමූහ ගොඩ නඟාගනිමින් රුසියානුවන් හා යුක්‍රේන ජාතිකයන් සංචාරක කර්මාන්තයේ නිරත වන බවය.
දකුණු පළාතේ සංචාරක මර්මස්ථානවල සිදුකළ ගවේෂණයේදී චෝදනාව සනාථ කරන තවත් සාක්ෂි රැසක් උකුසු ඇසට හසුවිය.
දිවයිනට පැමිණි සංචාරක යුවළක්, මෙරටට පැමිණ සිටින විදේශිකයෙකු විසින් සංචාරකයන් සඳහා මඟපෙන්වන ස්ථානයකට කැටුව යන අයුරු ද දැකගත හැකි විය.
එමෙන්ම මේ විදේශකයෙකු විසින් වෙනත් විදේශ සංචාරකයෙකුගේ විදෙස් මුදල් ලබාගෙන ඔහුට රුපියල් ලබාදෙන ආකාරය ද එහිදී දැකගැනීමට ලැබුණි.
සංචාරක කර්මාන්තයේ නියැලෙන ශ්‍රි ලාංකිකයන් පවසන්නේ මෙම තත්ත්වය හමුවේ විදේශිකයන් දේශීය සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් අතර ගැටුම් පවා ඇතිවීමේ ඉඩකඩක් පවතින බවය.
-අද දෙරණ
ටුවරිස්ට් වීසා අරගෙන ලංකාවට ආපු රුසියන්කාරයොයි යුක්‍රේන්කාරයොයි දකුණේ හෝටල්වල රස්සා කරනවා! බිස්නස් කරනවා! ත්‍රීවීල් දුවනවා! ඩොලර් මාරු කරනවා! නොකරන දෙයක් නෑ! වේටර් වැඩේ පවා කරනවා! අපේ සංචාරක කර්මාන්තකරුවන් නන්නත්තාරයි! සංචාරක ඇමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! VIDEO
2024-03-09T10:45:00+05:30
Gossip Lanka Hot News