මගෙ කයිවාරුව නෙවෙයි....මගේ පාලන කාලයේ ලංකාව ලොව පොහොසත්ම රටවලින් එකක් වුනා - චන්ද්‍රිකා කුමාරතුංග
තමන් ජනාධිපති රට පාලනය කළ වසර 11න් පසු ගෙදර යන විට ලංකාව ලොව පොහොසත්ම රටවල් 72න් එකක් වී තිබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
‘මං අවුරුදු එකොළහකට පස්සේ ගෙදර යනකොට පඩි සීයක් උඩට ඇවිල්ලා පොහොසත්ම රටවල් හැත්තෑ දෙකෙන් එකක් වෙලා. අවුරුදු එකොළහක් ඇතුළත උඩට ගෙනල්ල තියලා මම ගියේ.
මගේ කයිවාරුව නෙවෙයි මම හිතන්නේ එහෙම උනේ එකම හේතුව හොඳ ආණ්ඩුකරණයක් තිබුණා. අවංකව ආණ්ඩු කෙරුවා. හොරකම පුළුවන් තරම් අඩු කෙරුවාග. පැහැදිලිවම රට දියුණු කිරීමට පැහැදිලි වැඩ පිළිවෙලක් තිබුණා. ඒ අනුව කෙරුවා.
එහෙම තමයි හරියටම රටක් සංවර්ධනය කරනකොට. දැන් එහෙම දෙයක් පෙන්නේ නෑ’
මගෙ කයිවාරුව නෙවෙයි....මගේ පාලන කාලයේ ලංකාව ලොව පොහොසත්ම රටවලින් එකක් වුනා - චන්ද්‍රිකා කුමාරතුංග
2024-03-09T10:49:00+05:30
Gossip Lanka Hot News






