විජේවීරගේ පුතා තාත්තාගේ සටන අතට ගනී! කොළඹ සිට මහනුවරට රථ පෙළපාලියක් අරඹයි! ‘ආක්‍රමණ හමුවේ එදා සක්‍රීයව දේශපාලනය කරපු දේශපාලන පක්ෂ අද නිහඬයි’ VIDEO
‘මව්බිම අනතුරේ’ යන සටන් පාඨය යටතේ ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා කොළඹ සිට මහනුවර දළදා මාලිගාව දක්වා රථ පෙළපාළියක් සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.
ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව සිය පියා ගෙනගිය සටන ඉදිරියට ගෙන යෑම මෙම රථ පෙළපාළියේ අරමුණ වී ඇති බව වාර්තා වේ.
එය අද දින කොළඹින් ආරම්භ වූ අතර ඊට එක්වූ උවිදු විජේවීර මහතා සදහන් කර සිටියේ මේ වනවිට ඉන්දීය ව්‍යාප්තවාදය හමුවේ ඇතැම් පක්ෂ නිහඩව සිටින බවකි.
එමෙන්ම පසුගිය සතියේදී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව උවිඳු විජේවීර විසින් කොළඹදී සම්මන්ත්‍රණයක්ද පැවැත්වූ අතර, එය නම්කොට තිබුණේ ‘ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම එට්කා – අවසන් සැතපුම’ යන නමිනි.
විජේවීරගේ පුතා තාත්තාගේ සටන අතට ගනී! කොළඹ සිට මහනුවරට රථ පෙළපාලියක් අරඹයි! ‘ආක්‍රමණ හමුවේ එදා සක්‍රීයව දේශපාලනය කරපු දේශපාලන පක්ෂ අද නිහඬයි’ VIDEO
2024-03-16T15:10:00+05:30
Gossip Lanka Hot News