කතානායකට එරෙහි විශ්වාස භංගය දා පිල් මාරු සූදානම්..
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගයට අදාළ ඡන්ද විමසීමදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිල් මාරු කීපයක් සිදුවුණු ඇති බව වාර්තාවේ. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ආණ්ඩුවේ හා විපක්ෂයේ ඉදිරි පෙළ දේශපාලඥයන් සිව් දෙනෙකුගේ නිවාසල මේ සම්බන්ධ වන සාකච්ඡා පැවැත්වී ඇති බවද වාර්තා වෙයි.
ඡන්ද විමසීමේදී විරුද්ධ පාර්ශ්වයෙන් තම පාර්ශවයට මන්ත්‍රීවරුන් එක්කර ගැනීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද ඉලක්කය වී ඇත.
මේ අතර මෙම ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඡන්දය දීමෙන් වැලකී සිටීමටද තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
අදාළ විශ්වාසඟ යෝජනාව එළඹෙන 19 හා 20 දිනවල විවාදයට ගෙන ඡුන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
කතානායකට එරෙහි විශ්වාස භංගය දා පිල් මාරු සූදානම්..
2024-03-16T15:13:00+05:30
Gossip Lanka Hot News






