gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩු සළිඳුව මරා දමා විභාගවන නඩු නවත්වා ගැනීමේ STF කුමන්ත්‍රණයක් ගැන සළිඳුගේ නීතිඥවරු අධිකරණයට කියති…

විශේෂ කාර්ය බලකාය විසින්  තම සේවා දායකයා මරා දැමීමේ කුමන්ත්‍රණයක්  පවතින බවත්, මෙම සැකකරු ඝාතනය කළහොත් දැනට විභාගයට ගෙන ඇති  නඩු ගණනාවක්  විභාගවීම වැළකී යන හෙයින්  ඔහුව ඝාතනය කර නඩු විභාගවීම් වළක්වා  ගැනීමේ උත්සාහයන් වළක්වා දෙන ලෙසත්   සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු අද (11) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිට කුඩු සළිඳුව අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ දින 362ක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ප්‍රශ්න කළ පසු ඔවුන්ගේ  රැඳවුම් නියෝගය නිමා වූ පසුය.

සැකකරු අධිකරණයට රැගෙන පැමිණියේ  පොලිස් සහ   පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව සහිතවය.   පානදුර අධිකරණ භූමියේ ප්‍රධාන දොරටු සියල්ල, දැඩි ලෙස ආරක්ෂා කර තිබිණි.  ආරක්ෂක බැම්ම ආසන්නයේ සහ මාර්ග සියල්ල ආවරණය වන පරිදි, ගිනිඅවි රැගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ පොලිස් නිල සුනඛයින්ද යොදවා තිබිණි. එය කැපී පෙනෙන තත්ත්වයක් වූයේය.

වසරක් රැඳවුම් භාරයේ තබා ගැනීමට අධිකරණයෙන් අවසර ගෙන තිබූ සැකකරු  සම්බන්ධයෙන් ජාත්‍යාන්තර රතු වරෙන්තුවක් ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන හයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කළේය. පොලිසිය කීවේ සැකකරු සම්බන්ධයෙන් අංක 96863 දරණ නඩුවට අමතරව තවත් අපරාධ නඩු හතරක්  පවතින බවය.

මෙහෙදී කුඩු සළිඳු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ජාලිය සමරසිංහ   අධිකරණය ඉදිරියේ එකම එක ඉල්ලිමක් කළේය.

“ස්වාමීනී මාගේ සේවාදායකයා මරාදැමීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය ඔහුව මරා දමන බවට සඳහන් කර තියෙනවා. ඔහුට විරුද්ධව ඇති නඩු අහන්න වෙන්නේ ජීවත්ව සිටියහොත් පමණයි. මගේ සේවාදායකයාට නිකම් මැරෙන්න බැහැ. ඒ නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පවතින බූස්ස බන්ධනාගාරයේ ඔහු රඳවා තැබීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්.”

“එපමණක් නොවෙයි, සැකකරු මරාදැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ඔහුගේ මව විසින් අංක 24999/23 යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කර තිබෙනවා .එබැවින් ඔහුගේ නඩු බොහෝමයක් මෙම අධිකරණයේ විභාග වන බැවින් මෙම බලප්‍රදේශයට අයත් කළුතර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගරු අධිකරණයෙන් කරන එකම ඉල්ලීම ලෙස ඉල්ලා සිටිනවා”

ඒ අනුව අධිකරණයේ හමුවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන කළ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ) නියෝග කළේය.

සැකකරුව ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස  මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැන්වූයේය.

ඉදිරි නඩු වාරයේදී සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වුවහොත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට සූදානම් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

-lankasara
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka