පොහොට්ටුව ඇතුලේ අවුල් විසඳන්න විනය මණ්ඩල දෙකක්!
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උද්ගත වී ඇති විනය පිළිබඳ ගැටුම් නිරාකාරණය කිරීමට සහ පක්ෂයේ වෙනත්
අභ්‍යන්තර ගැටුම් බේරා ගැනීම සඳහා ඒකක දෙකක් අලුතින් පිහිටුවා තිබේ.
පෙරේදා (27) මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ එම පක්ෂයේ විධායක කමිටුව මගින් මෙම ඒකක දෙක ස්ථාපිත කර ඇත.
ඒ අනුව විනය ප්‍රශ්න සම්බන්ධයෙන් නීතිඥයින් 7 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් සහ අභ්‍යන්තර ගැටුම් බේරුම්කරණය සඳහා 6 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ද පත් කර ඇත.
විනය මණ්ඩලයට නීතිඥවරියන් දෙදෙනෙකු සිටින අතර හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ බිරිඳ චමරි පෙරේරාද ඒ අතර සිටින්නීය.
ඊට අමතරව තුෂාරී සූරියආරච්චි, අතුල ද සිල්වා මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරාල යන අයද පත් කර සිටී. එම මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස රසීක් ශාරුක් සහ ඩබ්ලිව් දයාරත්න යන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා පත් කර තිබේ.
අභ්‍යන්තර ගැටුම් බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක පත් කර සිටී.
පොහොට්ටුව ඇතුලේ අවුල් විසඳන්න විනය මණ්ඩල දෙකක්!
2024-03-29T10:47:00+05:30
Gossip Lanka Hot News






