ගෝඨාභයගේ පිහිටෙන් ජනපති වු රනිල්ට ජන වරමක් නෑ - සාගර කාරියවසම්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි. ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූර කාලය ගෙවන රනිල් වික්‍රමසිංහ 13 ක්‍රියාත්මක කිරීමටද ජනවරමක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජන වරමක් නැති බවත් බලයේ සිටි ජනාධිපතිවරුන් හත් දෙනෙක් විසින්ම මෙම සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකළ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට රටේ ජනවරමක් ලැබී නොමැති බවත් සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා ජන වරමක් ලබා ගත යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ගෝඨාභයගේ පිහිටෙන් ජනපති වු රනිල්ට ජන වරමක් නෑ - සාගර කාරියවසම්
2024-03-04T07:05:00+05:30
Gossip Lanka Hot News





