gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ නිවසින් හක් ගෙඩියක් සහ රුවල් නැවක් ඉස්සූ දෙන්නෙක්ට දඬුවම්!

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට 2022/07/09 වැනි දින අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ බෝතලයක් තුළ වූ රුවල් නැවක ආකෘතියක් සොරකම් කිරීමේ වරදට නො.21/1,ඒ 03 වන පටුමග, කටුවාවල මාවත, ඇඹිල්ලවත්ත පාර,බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත අබේධීර ආරච්චිගේ දිල්රුක් මධුශංක නමැත්තාට අධිකරණය දඬුවම් පමුණුවා ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව ගල්කිස්ස ම/උ 22689/23 යටතේ නඩු පවරා වරද පිළි ගැනීමෙන් පසු අදාළ පුද්ගලයාට ඊයේ මාස 6ක බරපතල වැඩ සහිත සිරදඩුවම් පමුණුවා එය අවුරුදු 5කට අත්හිටුවා තිබේ.

2022/07/09 වන දින වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුල් වී නිවස තුළ තිබූ ලෝහමය හක් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට දණ්ඩ නීති සංග්‍රහයේ 394 වගන්තිය යටතේ නිතිපති උපදෙස් ප්‍රකාරව අංක 133/ඒ, අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි චූදිත හේවාරුහුණගේ සුපුන් හන්සක යන අයටද දඬුවම් පමුණුවා ඇත.

එම දඩුවම වසර 1 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අවුරුදු 5කට අත්හිටුවමින් පමුණුවා තිබේ.

එසේම මුදලින් 1500/-ක දඩය නොගෙවන්නේ නම් මාසයක බරපතල වැඩ සහිත සිරදඩුවම්ද නියම කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka