gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණි ජනපති රනිල් විශේෂ ප්‍රකාශයක් කරයි (VIDEO)

අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

අර්බුදය මැදට පැන ගින්න නිවන්න කිසි කෙනෙකුට හැකි වුණේ නැති බවත් තමා ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න පටන් ගත් බවත් ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල අද භුක්ති විඳින බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

පසුගිය 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී රාජ්‍ය ආදායම 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් පසුගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට හැකි වූ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

මරණයක් සුසාන භූමියට ගෙනයන්න තෙල් ටිකක් ගහගන්න බැරිව හිටපු ජාතියක් අද විනෝද ගමන් යන්නට හැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ලබාදෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යළි පිබිදීම ඇරඹුන බවත් 2024 වසරේදී  2%- 3% ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ඒක ජනතාවට පෙන්නේ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා කියලාත් චෝදනා කරනවා. විදුලි බිල, ඉන්ධන ගාස්තු ඕනවාට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා.

සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නෙතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අයකර ගත යුත්තේ කියලා. හැබැයි අපි ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපිව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයින් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්නා අවස්ථා ද තියෙනවා.

මේක අපිට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්ත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතනදි තත්ත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිදුවුණේ ආර්ථික වැල්පාලම තරණය කරන්න. අපි එහෙම අනතුරුදායක තත්ත්වයකට පත්වුණේ ඇයි. ආර්ථිකය බංකොලොත් වුණේ ඇයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka