gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද හැදූ ජනාධිපති මන්දිරේට ඉඩම් අල්ලන්න ගිය රනිල්ගේ ආණ්ඩුව පසුබසී

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර සමයේ ඉදිකිරීම් ආරම්භ කළ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය සදහා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙන දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් නීත්‍යානුකුලව අත්පත් කරගැනීමේ උත්සාහයක් ඉඩම් හිමියන්ගේ විරෝධය හමුවේ අසාර්ථක වී තිබේ.

එම භුමියේ ඇති දෙමළ ජනයාට අයත් ඉඩම් මැනීම සදහා මාර්තු 26  වැනිදා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැමිණි අවස්ථාවේ ඊට විරෝධය දක්වමින් ඉඩම් හිමියන් මිනින්දෝරු නිලධාරීන්ට ලිපියක්ද භාර දුන් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඉඩම් හිමියන් චෝදනා කරන්නේ නාගරික සංවර්ධන කටයුතු වෙනුවන් සිය ඉඩම් පවරා ගැනීමේ මානක කටයුතු වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි පැමිණ සිටි බවයි.

පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩම් හිමියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු සිදු නොකරම ආපසු හැරී යන්නට සිදුව තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි 2010- 2015 සමයේ ඉදිකිරීම් කටයුතු ඇරඹූ යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එහි රජය සතු අක්කර 12ක ඉඩමක් තුළ ගොඩනැගිලි සංකීර්ණ ඉදිකර ඇත.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම භුමියෙන් අක්කර 17 ක් දෙමළ ජනයාට අයත් ඔප්පු සහිත පෞද්ගලික ඉඩම් බවයි.

උතුරේ දියත් වු යුද්ධය හේතුවෙන් 1990 වසරේදී ඉඩම් හිමියන් එම භුමියෙන් ඉවත් වීමත් සමග රජයේ ආරක්ෂක අංශ විසින් එම ඉඩම් අත්පත් කරගත් බව ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි එම ඉඩම් දැනට නාවික හමුදා භාරයේ පවති.

යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයට බදු දී, දෙමළ ජනයාට අයත් ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු දීමට තීරණය කර ඇති බව  පසුගිය දෙසැම්බර් මාසයේ දී  ජනමාධ්‍ය වාර්තා කර තිබුනි.

එම පවරා දීම සඳහා ඉඩම් හිමියන්ගේ අනුමැතිය ලබාගත් බවක් දැනගන්නට නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka