ජනාධිපතිවරණයද-මහමැතිවරණයද? අන්තිම තීන්දුව ගන්න පොහොට්ටුවේ විධායක සභාව අද මහින්දගේ ගෙදරට එයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) රැස්වීමට නියමිතව තිබේ.
ඒ පිළිබඳ පැහැදිලි කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා,
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව රැස්වෙනවා හවස 3ට, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසයේ දී. සාමාන්‍යයෙන් විධායක සභාව අපි නිශ්චිත ව්‍යවස්ථානුකූල ආකාරයට අඛණ්ඩව අවශ්‍ය අවස්ථාවන්හි දී රැස්වෙනවා. ඒ අනුව සුපුරුදු හමුවක්. මේ මොහොතට අදාළ පවතින දේශපාලන තත්ත්වයත් ඒ වගේම පක්ෂ අභ්‍යන්තරයට අදාළ කරුණු කිහිපයකුත් සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.”
ජනාධිපතිවරණයද-මහමැතිවරණයද? අන්තිම තීන්දුව ගන්න පොහොට්ටුවේ විධායක සභාව අද මහින්දගේ ගෙදරට එයි!
2024-03-27T11:10:00+05:30
Gossip Lanka Hot News






