gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාතාලයේ මතුගම ශාන්ට සහ හීනටියන මහේෂ්ට රටින් පනින්න හොර පාස්පෝට් හැදූ නියෝජ්‍ය ආගමන විගමන පාලක සහ හිටපු නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයෙක් CID අත් අඩංගුවට!

පාතාල අපරාධකරුවන් වන නුරේෂ් සුපුන් දයාරත්න හෙවත් හීනටියන මහේෂ්ට සහ ශාන් අරෝෂ් ලියනගේ හෙවත් මතුගම ශාන්ට වෙනත් පුද්ගලයින්ගේ නම් සහ තොරතුරු සහිතව ව්‍යාජ ලෙස ගමන් බලපත්‍ර සකස් කර දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය පාලක සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

මානික්කුගේ දිනේෂ් සිල්වා නැමැති ව්‍යාජ නම ඇතුළත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර අංකයක් සහ ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් ඇතුළත් කර “හීනටියන මහේෂ්” සඳහා විදේශ ගමන් බලපත්‍රය සකස් කළ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.

සැකකාර නියෝජ්‍ය පාලකවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මතුගම ශාන්’ සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙනි.   දොඩංගොඩ ලියනගේ රාජේෂ් කුමාර ජයසිංහ යන ව්‍යාජ නම භාවිත කරමින් මතුගම ශාන් වෙත ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධව හිටපු ආගමන විගමන පාලකවරයා චෝදනා ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට සහ අනෙක් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධීක්‍ෂණය යටතේ සිදුකළ විමර්ශනයකට අනුව  සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka