මහඡන්දයක් තිබ්බොත් ජනමතය බලාගන්න පුළුවන්... පක්ෂය තීන්දු කළොත් මොන ඡන්දෙටද යන්නෙ කියලා හැමෝම ඒකට සහයෝගය දෙන්න ඕනෙ! - නාමල්ගෙ හිතත් මහඡන්දෙට වගේ!
ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,
ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ උන දෙයක් නෙවෙයි හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා කල් දැමුවා,ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා යහපාලන ආණ්ඩුව පලාත්සභා විසුරුවා හැරියා අද වෙනතුරු ඡන්ද නෑ දැන් පලාත්පාලන ඡන්දෙ නෑ ඉතින් එහෙමයි කියලා ඡන්ද පැවැත්වීම නොකර ඉන්න බෑ.මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් මැතිවරණ එපා කියන්න පුළුවන් හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
මහඡන්දයක් තිබ්බොත් ජනමතය බලාගන්න පුළුවන්... පක්ෂය තීන්දු කළොත් මොන ඡන්දෙටද යන්නෙ කියලා හැමෝම ඒකට සහයෝගය දෙන්න ඕනෙ! - නාමල්ගෙ හිතත් මහඡන්දෙට වගේ!
2024-03-18T14:57:00+05:30
Gossip Lanka Hot News






