හිරු සලකුණ වැඩසටහනට එක් වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් එල්ල කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කෘතියෙහි උදය ගම්මන්පිල සහ බැසිල් රාජපක්‍ෂ අතර පෞද්ගලික ආරවුලක් තිබූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කළ ගම්මන්පිල මහතා එසේ පෞද්ගලික ආරවුලක් තිබුණේ නම් ඒ ආරවුල කුමක්දැයි සලකුණ වැඩසටහන හා දුරකථන මාර්ගයෙන් එක්වී ප්‍රකාශ කරන ලෙස හිටපු ජනපතිවරයාට අභියෝග කළේය. නමුත් එම වැඩසටහන පුරාවට ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සලකුණ වැඩසටහන හා සම්බන්ධ නොවීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කෘතියෙහි ඇති වැරදි සහගත තැන් ගණනාවක් පිළිබඳව තමන් ඔහුට කෙටි පණිවිඩ මාර්ගයෙන් දැනුම් දුන් බව ප්‍රකාශ කළ පිවිතුරු හෙළ උරුමයේ නායකයා එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට ලබා දුන් පිළිතුරු ද මෙම වැඩසටහන තුළදී හෙළිදරව් කළේය.
මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ මේ අවධියේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව සිටින බෝම්බ චෝදන සහිත යකඩ මිනිසෙකු විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නට ඇති බවයි.
මීට අමතරව වත්මන් දේශපාලන පිටියේ විවාදාත්මක කරුණු රැසක් සම්බන්ධයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්..
