gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න ලක්‍ෂ 15ක් ඡන්ද පෙන්වන්නැයි පොහොට්ටුව රනිල්ට දන්වයි!

වසර ගණනාවක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධුරයට පත් කිරීමට නොහැකි වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහු ජනාධිපති ධුරයට පත්කරන ලද බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

අදටද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වී සිටින්නේ පොදු ජන පෙරමුණේ ඡන්දයෙන් බවද හෙතෙම පැවසීය.

නමුත් ඊළඟ ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යයි කියන්න තරම් පක්ෂය බංකොලොත් නැති නමුත් අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවේ කියන තරමටද පක්ෂය ඉක්මන් නැති බවද හෙතෙම සදහන් කරයි.

ලක්‍ෂ හතළිහක ඡන්ද පදනමක් සහිත පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදීමට නම් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් ලක්ෂ 15ක් ගෙන එන ලෙස දැනුම් දී ඇති බවද හෙතෙම පැවසීය.

එසේ නොමැතිව පරදින අපේක්ෂකයෙකු නම්කර පරාජයේ භාර ගැනීමට පක්ෂය සූදානම් නැති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka