gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ නෙළුම්කුණේ අවන්හලක පැවති මත්ද්‍රව්‍ය සාදයක දී මත්ද්‍රව්‍යයක් විෂ වී තරුණයෙක් සහ තරුණියක් මරුට… තරුණයාට 22යි… තරුණියට 27යි…

කොළඹ නෙළුම් කුලූනේ අවන්හලක පැවැති සාදයක් අතරතුර කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී හදිසියේම රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  තරුණයකු සහ තරුණියක මියයෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන් මරදාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්  ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රූපලාවන්‍යාගාරයක  කළමනාකාරිනියක ලෙස සේවය කළ මුල්ලේරියාව උඩුමුල්ල පදිංචිව සිටි හෙට්ටිආරච්චි රසාංගිකා රුක්ෂානි  නමැති 27 හැවිරිදි තරුණියක සහ දෙහිවල පදිංචිව සිටි  සමිඳු ටිරංග ප‍්‍රනාන්දු නමැති 22 හැවිරිදි තරුණයකු බව  පරීක්‍ෂණ සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම මත්ද්‍රව්‍ය පානය කර රෝගාතුරව ඇදවැටී ඇති  දෙදෙනා එම ස්ථානයේ සිටි පිරිස් විසින් කොළඹ ජාතික  රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප‍්‍රතිකාර ලබමින්  සිටියදී ඔවුන් මියගොස් ඇත.

මියගිය දෙදෙනාගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණ  මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිදුකරන ලද අතර යගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කොළ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදුකර එම  වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

මේ අතර සිය දියණියගේ මරණය සැක සහිත බව,  මියගිය තරුණියගේ මව වන දෝන රසිකා නිලන්ති පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

එම සාදයේදී  මියගිය රසාංගිකා ඇතුළු හත්දෙනකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කළ බවට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු  ප‍්‍රකාශ කළ බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව ගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් සමන්ත  (49602) ඇතුළු කණ්ඩායමක්  පරීක්ෂණ පවත්වයි 

-ප්‍රදීප්  ප‍්‍රසන්න සමරකෝන්
– දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka