ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් නිමල් ලන්සා-මහින්ද අමරවීර මහත්වරුන් විසින් පවත්වන නව සන්ධානයේ රැලි මාලාවේ ඊළග රැලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය ගමේ පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මෙහි පළමු රැස්වීම පැවැත්වුණේ ජාඇලදී වන අතර දෙවන රැස්වීම කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ.
ඒ අනුව තුන්වන රැස්වීම හම්බන්තොට වීරකැටියේ පැවැත්වීමට තීරණය වී ඇති බව පැවසේ.
ලන්සා සහ අමරවීර මහින්දගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුවෙන්ම තරග කොට පාර්ලිමේන්තු පැමිණ මේ වනවිට ජනාධිපතිවරයාට සහාය පළකරමින් කටයුතු කරන කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තු පැමිණියේද හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.
