ජීවන වියදම් ඉහළ යාම, විදෙස් ගිවිසුම් ආදී කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවට එක්වූ 33ක පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.
පොලීසිය විසින් කොළඹ කොටුවේදී සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
විරෝධයතාව අතරතුර ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුව යන දේශපාලන ක්‍රියාකාරීන්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්ද තුවාල ලබා රෝහල් ගතකර ඇත.
