gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක්කටා අධිකරණයෙන් කල ඉල්ලීම් 6 මෙන්න

මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ යන අනුවර්ත නාමයෙන් හදුන්වන තැනැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් 6ක් ලබාදීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්‍රේල් මස 08 වැනිදා අධිකරණය වෙත කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නීතිපතිවරයාට නියෝග කළේය.

ඒ “හරක් කටා” නැමැත්තා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් කරුණු දක්වා සිටියේ මේ වන විට බන්ධනාගාර ගතවී සිටින තම සේවාදායකයා විසින් පහසුකම් කිහිපයක් ඉල්ලා සිටින බවයි.

එම ඉල්ලීම් මෙසේයි,

1- නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15ක් කාලය පැයක් දක්වා වැඩි කරන ලෙස.

2- විත්තිකරු රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරන ලෙස.

3- විත්තිකරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස.

4- විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙස.

5- තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස.

6- විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතරින් ලබා දිය හැකි ඒවා කවරේ දැයි පරීක්ෂා කර බලා අප්‍රේල් මස 08 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතාට නියෝග කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka