gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බිලියන ගණනින් රටේ මුදල් ගිල දමන රජයේ වාහන වල තිත්ත ඇත්ත!

පසුගියදා පැවති ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමේදී රජය සතු වාහන ධාවනයට වැයවන අධික වියදම පිලිබද සුවිශේෂී හෙළිදරව්වක් සිදුවූ අතර මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ වාර්තාව අනුව, රජයේ වාහන කිලෝමීටරයක දුරක් ​​දාවනය සඳහා වන පිරිවැය රුපියල් 300 ත් 500 ත් අතර වේ.

කෙසේ වෙතත්, එම පිරිවැය රුපියල් 100 දක්වා පහත හෙලිය හැකි බව එම වාර්තාව මගින් කරුණු දක්වා ඇත.

පර්යේෂණ වාරර්තාවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්වා ඇති පරිදි රජයේ ආයතන සතුව දළ වශයෙන් වාහන 82,000 ක් ඇති බවත්, දැනට වාහන 76,000 ක් දාවනයේ යෙදෙන බවත්, වාහන 5,500 ක් පමණ දාවන තත්වයේ නොමැති බවත්ය.

එසේ වුවද, පෞද්ගලික අංශය සමඟ කුලී ගිවිසුම් මගින් වාහන බාහිරින් ලබා ගැනීමෙන් කිලෝමීටරයකට රුපියල් 100ක් හෝ ඊට අඩු පිරිවැයක් සලසා ගත හැකි බව පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර එම ක්‍රියාවලිය මගින් රාජ්‍ය වියදමෙන් දළ වශයෙන් රුපියල් බිලියන 20 ක ඉතිරියක් ඇති කර ගත හැකි බව සදහන්.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් අදාළ පත්‍රිකාව ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමටද එහිදී තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අනාවරණ කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka