gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් අගමැතිකම භාරගන්න නම් මට අස්වෙන්න කිව්වා! මම බෑ කිව්වා! ගෝඨාභය ලියූ කුමන්ත්‍රණ පොතෙන් එළියට දාපු ලොකුම රහස!

ගෝඨාභය රාජපක්ෂ මහතා එළිදැක්වූ ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ පොතේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය භාරගැනීමට කළ ආරාධනාව සම්බන්ධයෙන් ප්‍රථම වරට අනාවරණයක් සිදුකර ඇත.

පහත පළවන්නේ එම පොතේ අදාළ සිදුවීම සඳහන් කර ඇති ආකාරයයි.

‘එදා රටේ පැවැති ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත්කිරීමේ අවශ්‍යතාවක් මතුවිය. එම නිසා මම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන් පසු මම සරත් ෆොන්සේකාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුට ආරාධනා කර සිටියෙමි. ඔහු මට කීවේ, මම ඔහුව අගමැති හැටියට පත්කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එතැනින් එහාට කටයුතු ඉදිරියට ගෙන යමුය කියාය. ඔහුට පිරිනමනු ලැබූ තනතුර ඔහු එක්වර පිළිගත්තේ නැත.

ඒ වනවිට තිබුණේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රටට පාලන අධිකාරියක් නොමැති තත්ත්වයක්ය. ඒ අතරතුර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මා හමුවීමට පැමිණ ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කර පසුව ජනාධිපති ධුරයෙන් මා ඉල්ලා අස්වන්නේ නම් පමණක් අගමැති ධුරය භාරගැනීමට කැමැති බව මට දන්වා සිටියේය. එම කොන්දේසිය පිළිගැනීමට මම සූදානම් නොවූයෙමි. මම එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුට ආරාධනා කළ විට, කිසිදු පැකිලීමකින් තොරව ඔහු එම ධුරය භාර ගත්තේය. එම නිසා මම එතුමාව නව අගමැති ලෙස පත් කළෙමි.’

Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka