ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී එළඹෙන (11) වන සඳුදා දින පැවැත්වීමට නියමිතව ඇත.
ණය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන සාකච්ඡා වලට විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කර ගන්නැයි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් කර ඇති අතර ඒ අනුව මෙම සාකච්ඡාව කැඳවීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් කැඳවා ඔවුන්ගේ අදහස් ගෙන එම අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවත් අනතුරුව මූල්‍ය අරමුදල ලබාදෙන අවසාන තීන්දුව අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
