gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අවුරුදු 4කට හිරේ ගිය ඥානසාර හිමිට ඇතුළට යන ‌හැමෝටම ‌හැදෙන ලෙඩේ හැදෙයි!

වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ.

ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සද්ධාතිස්ස හිමියන් පැවසීය.

“උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ. නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු කරන නිසා නීතියෙන් දෙන ඕනෑම දෙයක් අපි භාරගන්නවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka