gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුලින් මහමැතිවරණයක් ඕනේ බැසිල්ට විතරලු, පොහොට්ටුවට නෙමෙයිලු!

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම රටට සහ පක්ෂයට වඩාත් සුදුසු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා සිටියේ තම පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පක්ෂ විධායක සභාවට දැනුම් දී තිබේ.

මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩිදුර සාකච්ඡාවලින් පසුව අවසන් තීරණයකට එළඹිය හැකි බවද ඔහු පක්ෂයට දන්වා ඇති බව පැවැසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව බදාදා (27) හිටපු ජනාධිපති සහ වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මහින්ද රාජපක්ෂගේ කොළඹ පිහිටි නිල නිවසේදී රැස්විය.

‘ඩේලි මෝර්නින්’ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ, පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව බැසිල් රාජපක්ෂගේ පෞද්ගලික මතය බව ඔවුන්ට දැනුම් දුන් බවයි.

මෙම වසරේ (2024) අගභාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබීමත් සමඟ, ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකගේ අදහස වී ඇති බව වාර්තා විය.

නියමිත කාලයට ජනාධිපතිවරණය මේ වසරේ අග භාගයේදී පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka