gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව පහක් විපක්‍ෂයේ ඉන්න බෑ... ඊළග ජනපති එක්ක මං එකතු වෙනවා - දිගම්බරන්

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරනයේදි  දිනන්නේ  රනිල්ද සජිත්ද අනුරද කියන එක දැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ මෙය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයේදි පමන එයින් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක එකතුවෙන්න වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි කම්කරු ජාතික පෙමුණේ නායක  පි. දිගම්බරන් මහතා පවසයි.

කම්කරු සංගම‍යේ මෙවර මැයි රැලිය පැවැත්විම පිලිබදව හැටන් උත්සව ශාලාවකදි පැවති එම සංගමයේ සංවිධායකවරුන්ගේ රැස්විමක් අමතමින් මේ බව පැවසු පි. දිගම්බරන් මහතා එහිදි මෙසේද පවසන ලදි.

අප කම්කරු ජාතික සංගමය මෙවර මැයි රැලිය පවත්වන්නේ තනිවයි අපි සංධානයක් ලෙස මෙවර මැයි රැලිය පවත්වන්නේ නැහැ මොකද මෙවර මැයි රැලියෙන් අපි අපේ ශක්තිය උපරිම ලෙස පෙන්විමට පියවර ගත යුතුයි.

ඉදිරියේ කවුරු බලයට පත් වුනත් එසේ බලයට පත්වන අයත් සමග එකතුවිය යුතුයි එසේ නැතිව විපක්ෂයේ සිටිමින් මේ ජනතාවට නිසි සේවයක් කරන්න බැහැ මේ ජනතාවට සේවය කරන්නනම් බලයේ සිටින පක්ෂය සමග එක්ව ඇමති ධුරයක් ලබාගත යුතුයි.

මම ඇමති ලෙස ඉන්න විට වතු ජනතාවට නිවාස හැදුවා එවිට සමහර අය ප්‍රකාශකලා පර්චස් 07 ඉඩම මදි තමන් බලයට පත්වු විට පර්චස් 10ක ඉඩමක නිවසක් හදලා දෙනවා කියලා එත් එය වුනාද.

වතු කම්කරු වැටුප පිලිබදව මම කියන්නේ කඩන තේ දළු ක්‍රිලෝවකට රුපියල් සියයක් ලබා දෙන ලෙසයි එවිට මේ පිරිසට තමන් කඩන තේ දළු මත වැඩි වැටුපක් ලබා ගන්න පුලුවන් දිනකට තේ දළු විස්සක් කැඩුවොත් දිනක වැටුප රුපියල් දෙදහක් වෙනවා.

අද හුගක් ප්‍රශ්න තියෙන්නේ වතුවල වැඩ නොකරන අයටයි වැඩ කරන අය හොද වැටුපක් ලබා ගන්නා බව දැන ගන්න ලැබෙනවා බගවන්තලාව ප්‍රදේශයේ එක් වතු කම්කරුවකු රුපියල් පනස් දහාසත් හැට දහාසත් අතර වැටුපක් ලබා ගන්නා බව පැවසෙනවා.

එමෙන්ම මම මේ සියළුම දෙනාගෙන් ඉල්ලන්නේ මැයි රැලියට එන විට බිමත්ව එන්නනම් එපා මොකද අපි මෙම රැලිය නිසි ලෙස අවබෝදයෙන් පැවැත්විය යුතුයි මේ මැයි රැලියට පිරිස් එක් කර ගන්නා විට මේ සංවිධායකවරුන් වතුවල ජනතාව නිසි ලෙස දැනුවත් කල යුතුයි.

එසේ නැතිව මෙය සාර්ථක කර ගන්න බැහැ ඒ වගේම තමයි මේ සංවිධායකවරුන් පනහක් ගෙන්නම් කියලා දහයක් පහාලෝවක් ගෙනත් අපිව රවට්ටන්න හදන්නත් එපා එවිට රැවටෙන්නේ ඔබමයි මම මගේ දරුවන් පවුලේ අය දේශපාලනට ගෙන එන්නේ නැහැ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණට වුනත් මේ අයගෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවානම් මම ඉවත් වෙන්න වුනත් සුදානම්.

– මනුර සුදත් සෙල්ලහේවා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka