බෙල්ලනට ආරක්ෂාව දෙන මුවාවෙන් ජාතික රෝහලට එන පොලිසිය වෘත්තීය සමිති නායකයින් දඩයමකටත් සූදානමක්… වෘත්තීය සමිති හෙළිදරව් කරයි!
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට ආරක්ෂාව ලබා දෙන මුවාවෙන් රෝහල් භූමියට ඇතුලු වන පොලිසිය සෞඛ්‍ය වෘත්තිය සමිති නායකයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් පවතින බවට මේ වන විට තොරුතු ලැබී ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.
යම් හේතුවකින් වෘත්තිය සමිති නායකයින් හේතු රහිතව අත්අඩංගුවට ගතහොත් ඒ මොහොතේම රට පුරා රෝහල්වල සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව එම සන්ධානය අනතුරු අගවා සිටියි.
වෛද්‍ය බෙල්ලනගේ නොමනා හැසීරීම රෝහල් සේවාවන් පවත්වාගෙන යාමට ගැටලු ඇති කරන්නක් බැවින් මොහු සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දුන් නමුත් අමාත්‍යංශය සිය වගකීම පැහැර හැර ඇතැයිද සන්ධානය පෙන්වාදේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ නොමනා හැසිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අවශ්‍ය පරිපාලනය තීන්දු තීරණය ගැනීමට සෞඛ්‍ය බලධාරින් වහාම කටයුතු නොකළහොත් ඉදිරියේදී රෝහල තුළ පමණක් නොව සෞඛ්‍ය සේවාව තුළම බරපතල තත්ත්වයන් මතුවිය හැකි බව සන්ධානය අනතුරු අගවා සිටියි.
-ශ්‍රියානි විජේසිංහ
බෙල්ලනට ආරක්ෂාව දෙන මුවාවෙන් ජාතික රෝහලට එන පොලිසිය වෘත්තීය සමිති නායකයින් දඩයමකටත් සූදානමක්… වෘත්තීය සමිති හෙළිදරව් කරයි!
2024-03-07T22:35:00+05:30
Gossip Lanka Hot News





