gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොළොව යට ස්කෑන් කරන යන්ත්‍රයක් නිර්මාණය කර ජනාධිපති සම්මාන ලැබු නිර්මාණ කරුවෙක් එම යන්ත්‍රය වැඩිදියුණු කර පුරාවස්තු හාරන්න යොදාගෙන සිටිය දී අත් අඩංගුවට…

පොළොව යට ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් නිපදවා වර්ෂ 1999 දී ජනාධිපති සම්මාන ලද පුද්ගලයෙක් එම යන්ත්‍රය කැමරාවක් සහත සූක්ෂම උපකරණයක් සහිතව වැඩිදියුණු කර එය ආධාරයෙන් පුරාවස්තු කැණීමක් සිදුකරමින් සිටිය දී තවත් පුද්ගලයින් 05 දෙනෙක් සමග අද (07) සවස අත් අඩංගුවට ගත් බව  පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගයාට දැන් අවුරුදු 46කි. ඔහු මෙම නිර්මාණයේ මූල් අවස්ථාව වෙනුවෙන් සම්මාන ලබන විට ඔහු 23 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ පදිංචිය බණ්ඩාරවෙලය. මේ වනවිට සිදුකරනු ලැබූ පරීක්ෂණ ඇසුරින් ඔහු යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂම කැමරා පද්ධතියක් සවිකර  පොළොව යට සියලු වස්තූන් කැමරා ගතවන අයුරුන්   යන්ත්‍රය වැඩිදියුණු කර තිබුනු බව පොලිසිය කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත     බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, බීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු, 30 ත් 50 ත් අතර වයසේ පසුවන්නන්  බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී. බණ්ඩාර  අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැනීම් සිදුකර තිබිණි.  දෙවන වරට මෙම නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරය.

ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානය කැනීම් සිදුකර තිබෙන අතර සැකකරුවන් සතුව තිබූ උල් කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර්, ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාස  විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර   අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි, පොළොන්නරුව සහකාර ‍පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ජේ.පී.ආර්.කේ.ජාගොඩගේ,   මැදිහත්වීමෙන්, පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.ටී.බණ්ඩාරගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන්, 42229 රංග,පොලිස් සැරයන් 71750 චින්තක, 68973 අතාවුද, පොලිස් කොස්තාපල් 84707 කුලතුංග, පොලිස් කොස්තාපල් 65318 සිල්වා, පොලිස් කොස්තාපල්, 34973 නිශ්ශංක, ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකළහ.

-මනම්පිටිය නිමල් ජයරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka