gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ආයතන මිලදී ගන්න එපා, අපේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු බේරාගන්න වෙයි – හඳුන් විදෙස් ආයෝජකයින්ට අනතුරු හඟවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන මිලදී ගැනීමෙන් වළකින ලෙස ඒවාට ලංසු තබන විදෙස් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකර ඔවුන් ඒවා මිලදී ගතහොත් මීළඟට බලයට එන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමග ඔවුන්ට ගනුදෙනු බේරාගැනීමට සිදුවනු ඇති බවත් එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

“මේ රටේ පාර්ලිමේන්තුවවත්, අධිකරණයවත්, මේ රටේ ජනතාවවත් මේවා මේ ආකාරයෙන් විකුණන්න රනිල්ට බලය දීලා නැහැ. ඔහු ජන වරමක් නැති ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණයකට මාස පහක්, හයක් තිබියෙදී මේ ආකාරයට වෙන්දේසි සූදු කරනවා නම්, අනාගත පරම්පරා ගණනකට වගකියන්න තිබෙන බලශක්තිය, ගුවන් සේවය සහ අනෙකුත් ආයතන විකිණීමේ තීරණ ගන්න හදනවා නම්, මේ රටේ ජනතාවට ඒවාට විරුද්ධ වෙන්න ඕනෑ. ඒවගේම මේ මිලදී ගන්න හදන්නේ ජනවරමක් නැති ආණ්ඩුවකින්. ඊළඟට එන්නේ ජනවරමක් තිබෙන ආණ්ඩුවක්. ජනවරමක් තිබෙන ආණ්ඩුවලට සම්පූර්ණ ජනතාව බලය පවරනවා, ඔබ මිලදී ගත්ත දේවල් පිළිබඳව තීරණ ගන්න. ඒ නිසා ඒගැනත් සැලකිලිමත් වෙන්න කියා මිලදී ගැනීම්වලට ලංසු තබන අයට ඉල්ලීමක් අපි කරනවා. 

මේ රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂ හවුල් පාලනයට තවදුරටත් ජනවරමක් නැහැ අපේ සම්පත් විකුණන්න. මේ ජනවරමක් උරගා බලන්න සූදානම් වෙන මොහොතේ, මේ කොයි ක්‍රමයකින් හෝ විකිණීමට, මිලදී ගැනීමට සූදානම් වෙනවා නම්, ඒකේ ගනුදෙනුව බේරා ගන්න වෙන්නේ ඊළඟ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට. ඒ නිසා මේ ගනුදෙනුවලට ඔබ ලැහැස්ති වෙන්න එපා. මේ අපේ රටේ සම්පත් විකුණන්න සූදානම් වෙන ගනුදෙනු වහාම නතර කළ යුතුයි. ආණ්ඩුවට විකිණීමට ජනවරමක් නැහැ. පෞද්ගලික අංශය ශක්තිමත් කරනවාය කියන එකයි, රාජ්‍ය සම්පත් විකුණනවා කියන එකයි එකක් නොවෙයි; ක්‍රියාවලීන් දෙකක්”

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (12) පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka