gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජීව් ඝාතක ශාන්තන්ගේ දේහය පෙරහර කර අද යාපනයට ගෙනෙයි… අතරමග මහජන ගෞරව නිසා කොළඹ සිට යාපනයට යන්න දින දෙකක් ගිහින්!

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි   ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී සිට පසුව අධිකරණයේ විශේෂ තීන්දුවක් මත නිදහස ලැබූ  යාපනයේ තිල්ලයිම්බලම් සුදේන්ද්‍රරාජා ( ශාන්තන්ගේ ) දේහය අද (3)  සවස යාපනයට රැගෙන ආවේය.
ඉන්දියාවේ සිට යාපනයේ සිය මව බැලීමට වසර 32 කට පසුව යාපනයට පැමිණීමේ සූදානමින් සිටියදී ශාන්තන් හදිසියේ රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසුව එහිදී මිය ගියේය.
ඔහුගේ දේහය ගුවනින් කොළඹට රැගෙන විත්  එතැන් සිට රිය පෙරහැරකින්  යාපනය දක්වා රැගෙන ඒමට ශාන්තන්ගේ අවමංගල කටයුතු සංවිධානය කළ සංවිධායකයෝ පියවර ගෙන තිබුණහ. 

අතර මගදී ශාන්තන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටීමත් වවුනියාවේ සිට යාපනය දක්වා ස්ථාන කීපයකදීම දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට සිදු වීමත් නිසා ශාන්තන්ගේ දේහය කොළඹ සිට  යාපනයට  රැගෙන යාමට දින දෙකක කාලයක් ගත විය.

යාපනය බස් නැවතුම් පලේදී ද මහජන ගෞරවය සඳහා ශාන්තන්ගේ දේහය පැය කීපයක් තබා තිබූ අතර පසුව දේහය ශාන්තන්ගේ නිවස පිහිටි යාපනයේ උඩුප්පිඩ්ඩි වෙත රැගෙන එනු ලැබීය.
-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka