මැතිවරණයක් ළං වන විට ආණ්ඩුව බදු අඩු කරන බවත් ඒ හරහා ජනතාවට සහන නොලැබෙන බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
මෙම බදු අඩු කිරීම සිදු කරන්නේ ස්ථිර විසඳුමක් ලෙස නොවන බවත් අපායේ ඉන්ටවල් එකක් ලෙස බවත් පවසන ඔහු සමස්ත ජනතාවටම අවශ්‍ය වන්නේ දේශපාලනික වෙනසක් බවද කියා සිටී.
ඡන්දයට කරන රැවටීම් අවසන් වී සිය ගුණයකින් දහස් ගුණයකින් යළි බදු ඉහළ දමනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙතරම් කලක් සිදුවූයේ ජනතාවට උපරිම බදු ගසා පොඩි සහනයක් දීම බවත් ගැටළුවට විද්‍යානුකූල විසඳුම් සොයනවා වෙනුවට පාලකයන් මුහුණ දී ඇති ප්‍රශ්න වලට ඒ අය විසඳුම් සොයමින් සිටින බවත් ඔහු කියා සිටියි.
රටේ ගැටළුවට නිසි විසඳුම් නොදුන්නොත් මීට වඩා බරපතල ගැටළුවලට මුහුණ දෙන්න සිදුවන බවද ඔහු අවධාරණය කරයි.