gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ ඡන්දයට ආණ්ඩුව අර්බුදයක !

පවත්නා දේශපාලන වාතාවරණය තුළ කඩිනම් මහ මැතිවරණයක් ලබාගැනීමට දේශපාලන වශයෙන් කලබලයක් ඇති කිරීමට අපේක්ෂාවක් නැතත් තම පක්ෂයේ එකම අරමුණ ඉක්මනින් මහ මැතිවරණයක් තැබීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී ඇත.

මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනපතිවරයා ජනපති නිවෙසේදී හමුවූ අවස්ථාවේය.

සිය මහ මැතිවරණ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ඔහු මෙහිදී සඳහන් කර ඇත. රටේ ජනමතය සහ යහපැවැත්ම සලකා අවසන් තීන්දු ගත යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

පසුගියදා කැබිනට් මණ්ඩලය හමුවේ පළමුව ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන ලෙසට ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරුන් දැනුම්වත් කර ඇති මොහොතක බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙලෙස පක්ෂ ස්ථාවරය ප්‍රකාශ කිරීම විශේෂයකි.

මේ අතර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කළ යෝජනාව නිසා මැතිවරණ කල් දැමීමට රජය සැරසෙන බවට මතයක් සමාජගත වී ඇති බවත් එය සුබදායක තත්‍ත්වයක් නොවන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණ කල් දැමීමට තමන්ගේ කිසිම අපේක්ෂාවක් නොමැති බවයි.

පළාත් පාලන සහ පළාත් සභා ඡන්දය කල් දැමීම නිසා බොහෝ පරිපාලන ගැටලු ඇතිව ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇති අතර රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ මහා සංඝරත්නය සහ ජාතිකවාදී කඳවුරු සමඟ මුලින්ම සාකච්ඡා කළ යුතු යැයිද ඔහු මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
-deshaya
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka