gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වයස අවුරුදු 14 දැරියන්ගේ ලිංගික සබඳතා ගැන යෝජනාව ඉල්ලා අස්කර ගනී

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීම සඳහා රජය ගෙනඒමට නියමිතව තිබූ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

"බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුවා පනත් කෙටුම්පත සම්මත කිරීම අත්හිටුවන්නැයි කියලා. තවදුරටත් සාකච්ඡා කළ යුතු බව දැනුම් දුන්නා. කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරද්දී මම නීතිපතිට දැනුම් දුන්නා... මෙම කෙටුම්පත අප ඉදිරියට ගෙන නොයන බව. ඒ වෙනුවට සාකච්ඡාවක් දෙනවා අදාළ පාර්ශ්වයන්ට. සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නවා. එය පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස්කර ගන්නවා."

පාර්ශව රැසක විරෝධය !

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙනඒමට යෝජිත සංශෝධන වහා හකුළා ගත යුතු බව පාර්ශ්ව රැසක් පෙන්වා දෙයි.

දණ්ඩනීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය පෙබරවාරි 13 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ නියමය පරිදි එය ප්‍රකාශයට පත්කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 සංශෝධනය කරමිනි.

යෝජිත සංශෝධනයට අනුව වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු වයස අවුරුදු 22කට අඩු පුද්ගලයෙකු සමඟ සිය කැමැත්ත සහිතව ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් දඬුවම ලිහිල් කිරීමට මෙමඟින් යෝජනා කර තිබිණ.

කෙසේ වෙතත් ඊට එකඟ නොවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණ අමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම්දී තිබේ.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ  පැවසුවේ ළමා අපයෝජන වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් ලබාදීමට පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව එම දැනුම්දීම කර ඇති බවයි.

දණ්ඩ නීති සංග්‍රහයට ගෙනඒමට යෝජිත සංශෝධන පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

මෙවැනි පසුබිමක දණ්ඩනීති සංග්‍රහයේ 19 වැනි පරිච්ඡේදය සංශෝධනය කිරීම සඳහා ගෙනඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිවයන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබිණ. 
-theleader
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka