ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයක් සඳහා වාරියපොළ මලගනේ පාරේ පිහිටි රජයේ ගොවිපළේ සරුවට වැඩුණු පොල් ගස් 27ක් ගලවා ඩොසර් යොදා භූමිය සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මෙම උත්සවයේ සංවිධාන කටයුතු පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.බී හේරත්ගේ මූලිකත්වයෙන් සිදුවන බවත් මෙම පොල් ගස් ගලවා බිම සකස් කිරීම ඔහුගේ සංකල්පයක් බවත් වාර්තා වේ.
මෙම පොල් ගස් ගලවා ඉවත් කිරීම සඳහා වාරියපොළ ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ඉල්ලා ඇතත් ඔහු එය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. එවන් තත්වයක් තුළ මෙම පොල් ගස් නීතිවිරෝධීව ගලවා දැමීමෙන් පසු මේ වනවිට “විවධ ගස් වර්ග ඉවත් කිරීම” යනුවෙන් අවසරයක් ලබා ගැනීමට මේ වනවිට දේශපාලන අධිකාරය මගින් උත්සාහ කරමින් සිටින බවත් ඒ සඳහා දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් හට බලපෑම් එල්ල වෙමින් තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
