තව වසර 12ක් රනිල්ට දුන්නොත් ලංකාව ආසියාවේ බලවත්ම රට කරන බව වජිර කියයි
තවත් වසර දොළහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට භාර දුනහොත් ආසියාවේම බලවත් රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීම සුළු කාරණාවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
අවුරුද්දකුත් මාස අටක කාලයකදී රට හරි මගට ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූ බවද හෙතෙම පෙන්වා දෙයි.
යන්න ඇති පාර හොඳාකාරවම පැහැදිලි නම් වෙනත් පාරවල් පෙන්නා ජනතාව මුළා කිරීම ජාතියට කරන පාප කර්මයක් බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපතිවරයා සියලු නායකයන් කළ වැරැදි නිවැරදි කරමින් ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යමින් සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
තව වසර 12ක් රනිල්ට දුන්නොත් ලංකාව ආසියාවේ බලවත්ම රට කරන බව වජිර කියයි
2024-02-09T20:26:00+05:30
Gossip Lanka Hot News






