gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය දේපලකට වෙන්න යන භයානක දෙයක් ගැන සජිත් හෙළිකරයි

බත්තරමුල්ලේ කෝටි අටසීයක් වටිනා විසුම්පාය ගොඩනැගිල්ල කෝටි 400කට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද(9) පවසා තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට පිටින් තැ‍රැව්කරුවන් පිරිසක් මේ කටයුත්ත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ රාජ්‍ය සම්පත් විකිණීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තමා ප්‍රශ්න කළ බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ඒ අනුව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පවසා සිටියේ රජයේ මුදලට අඩුවෙන් ගොඩනැගිල්ල දෙන්න හැකියාවක් නොමැති බවත් ආයෝජකයකු මේ පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විසුම්පාය ඔවුන්ට සංවර්ධනය කළ නොහැකි බවත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ මිලට වඩා අඩුවෙන් කිසිවක් කිරිමට හැකියාව නොමැති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka