gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුරගේ ගමනට විජේවීරගේ පුත‍්‍රයාගෙන් ප‍්‍රතිචාර (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා අදහස් පල කරයි.

ඕනම දේශපාලන ව්‍යාපාරයක් ජාත්‍යන්තරයත් සමඟ එක්ව ගැට ගැසී ඉදිරියට යා යුතු නමුත් තමනට ඇති උපාය මාර්ගගික ගමන තේරුම් ගත යුතු බවද හෙතෙම කියා සිටී.

ඓතිහාසික වශයෙන් ජීවිත පූජා කර පැමිණි උපාය මාර්ගික ගමනට පයින් ගසා යාමට කිසිවෙකුට හැකියාවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.

අද වන විට ඉන්දියාව විශාල වශයෙන් ශ්‍රී ලංකාවට මැදිහත් වෙමින් සිටින බවත් මෙරට සම්පත් මිලදී ගැනීම සඳහා ඔවුන් කඩිනමින් කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දෙන ඔහු ඉතිහාසයේ එවන් මැදිහත්වීම් වලට දැඩි විරෝධ පෑ පක්ෂය අද ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් හෙතෙම පවසයි.

ඕනෑම පක්ෂයකට ඉතිහාසයේ විවිධ නම් තිබුණද අද එම පක්‍ෂය තේරුම් ගත යුත්තේ වර්තමාන භාවිතය තුළින් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka