විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයක් ගේනනයි හදන්නේ.. අපි ඒකට අත් දෙකම ඔසවනවා - මෛත්‍රීපාල
ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් කැඳවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා අත්දෙකම ඔසවා කැමැත්ත පළ කරන බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සව සභාවක් අමතමිනි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් සිදුවෙමින් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇති අතර ඉන් අනතුරැව එම යෝජනාව ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමටද සූදානමක් පවතී.
විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයක් ගේනනයි හදන්නේ.. අපි ඒකට අත් දෙකම ඔසවනවා - මෛත්‍රීපාල
2024-02-12T07:13:00+05:30
Gossip Lanka Hot News






