gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලි පොහොට්ටු හවුලේ පොදු අපේක්ෂකයාට 4 දෙනෙක් පොරකති!

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හවුල් සන්ධාන ගොඩ නගමින් සිටින එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට සිව් දෙනෙකු අතර පොරයක් පවතින බව අනාවරණය වේ.

රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, චම්පික රණවක සහ ධම්මික පෙරේරා අතරේ මේ බල පොරය හට ගෙන තිබේ. රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඔහුගේ පක්ෂය විසින් මේ වනවිටත් නම් කර ඇති අතර පොහොට්ටු පක්ෂය නිල වශයෙන් එය මේ දක්වා පිළිගෙන නැත. ඒ වෙනුවට ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය ක්‍රියා කරමින් සිටී. මෙසේ පවතින අතර රනිල් වික්‍රමසිංහ තම බලය පෙන්වීම සඳහා නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්තගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටී.

මේ අතර ධම්මික පෙරේරා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ තව දුරටත් සිටින රාජපක්ෂ හිතවාදීන්ගේ නියෝජිතයා ලෙස ද, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පිරිසකගේ නියෝජිතයා ලෙස ඉදිරිපත්වීමට ද පසුබිම සකස් කර ගනිමින් සිටී. මේ අතරට අලුතින්ම ප්‍රවේශ වී සිටින්නේ රාජපක්ෂ පිල, චන්ද්‍රිකා සහ මෛත්‍රී පිල මෙන් ම රනිල් වික්‍රමසිංහ පිළ අතර දෝලනය වෙමින් සිටින පාඨලී චම්පික රණවක බව දේශපාලක විශ්ලේශකයන් පෙන්වා දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka