gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාව නීතිවිරෝධි බව කරුණු කියන්න දින නියම වෙයි

ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධි බව පවසනමින්, නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මෝසමට කරුණු දැක්වීමට දින නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ මෝසම ඊයේ  (21) ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවකු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ඉල්ලීමක් සිදු කළා.

එය සලකා බැලූ විනිසුරුවරුන් ඊට අදාළ කරුණු දැක්වීම ලබන මාර්තු මස 04 වනදා සිදු කරන ලෙසටයි නියෝග කළේ.

විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙත්සමක් ගොනු කර තිබුණා.

ඊට අදාළවයි, නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ.

අදාළ මෝසම තුළින් ඔහු අවධාරණය කරන්නේ, විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka