පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
ෆොන්සේකා මහතා විසින් පක්ෂ නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් විසින් ඉල්ලා තිබුණේ ඔහු සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
මේ අතර ෆොන්සේකා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට එක් වනු ඇති බවටද මත පළවෙමින් ඇත.