gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය නළුනිළියන් පැමිණි සංගීතයක ගැටුමක්! පිරිසක් රෝහලේ.. පිරිසක් අත්අඩංගුවට!

යාපනය මුට්‍රවේලී ක්‍රීඩාංගනයේදී ඊයේ (09) රාත්‍රියේ දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වූ හරහරන් ඇතුලු කොලිවුඩු නළුනිළියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති සංගීත ප්‍රසංගයක ඇති වූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

මුට්‍රවේලී ක්‍රීඩාංගනයේ ඊයේ රාත්‍රියේ පැවති මෙම සංගීත ප්‍රසංගය වෙුනවෙන් රුපියල් 25,000 දක්වා වූ මිලකටද ටිකට්පත් අලෙවිකරමින් සංවිධානය කර තිබූ අතර සංගීත ප්‍රසංගය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වීම හේතුවෙන් පොලීසියට පිරිස් පාලනය කිරීඹට නොහැකි තත්වයක් ඇතිව තිබුණි.

කෙසේ වෙතත් ප්‍රසංගය පැවති වේදිකාව ඉදිරියෙන් යොදවා තිබූ පොලිස් බාධකයන් ඒකවරම ප්‍රේක්ෂකයින් විසින් කඩාගෙන ඇතුලුවීම හේතුවෙන් ඒය පාලනය කිරීමට පොලීසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවූ අතර ඒහිදී තෙරපීමට ලක්වූ බොහෝ පිරිසක් ක්ලාන්ත වූවා සේම තවත් 5 දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබුණි.

ඒහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුනු පුද්ගලයින් 6 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සංගීත ප්‍රසංගයද තාවකාලිකව බොහෝ වෙලාවක් නවතා දැමීමට සිදුවිය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ කොලිවුඩ් නළුනිළියන් රැසක් සහභාගී වීම හේතුවෙන් යාපනයේ සිනමා ලෝලීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ඇතැම් පිරිස් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නොලැබීම හේතුවෙන් විවිධ වූ අට්ටාලයන් හා ගස් මතටද නැග සංගීත ප්‍රසංගය නැරඹීමට සිදු විය.

කෙසේ වෙතත් සංගීත ප්‍රසංගයේදී ඇති වූ තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ පිරිස් නිශ්චිතවම වාර්ථා වී නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka