"මෙන්න අපේ පොහොසත්කම" - සෑම ලාංකිකයෙක්ම ලෝකෙට ලක්ෂ 12ක් ණයයි... ඇඟ හිරිවැටෙන ආර්ථික අනාවරණයක්!
සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම රුපියල් ලක්ෂ 12 කට වැඩි මුදලක් විදේශ රටවලට ණය වී ඇති බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට ශ්‍රි ලංකා රජය, රුපියල් බිලියන 28,095ක් විදේශ රටවලට ණය වී ඇති බවයි.
මේ අතර, බදු ප්‍රතිපත්තිය නිසා රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ටානියා අබේසුන්දර මේ බව කියා සිටියේ ව්‍යාපාරික හා සේවා සංගම් කිහිපයක් කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
"මෙන්න අපේ පොහොසත්කම" - සෑම ලාංකිකයෙක්ම ලෝකෙට ලක්ෂ 12ක් ණයයි... ඇඟ හිරිවැටෙන ආර්ථික අනාවරණයක්!
2024-02-09T08:49:00+05:30
Gossip Lanka Hot News






