හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඊයේ ( 27 ) දා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් තිබේ.
වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී ඔහුට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
ශාන්තන්ගේ මව විසින් ඉන්දීය රජයට ඉදිරිපත් කරණ ලද අභියාචනයක් සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉන්දීය රජයේ ඇනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා විදෙස් ගමන් බලපත්‍රයක් ද නිකුත් කොට තිබුණි.
හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ නාලිනී, මුරුගන් සහ ශාන්තන් ඇතුළු හත් දෙනා 2022 නොවැම්බර් මාසයේදී නිදහස් කරන ලදී.
නිදහස් කරන ලද හත්දෙනා අතරින් මුරුගන් සහ ශාන්තන් ට්‍රිචි විශේෂ කඳවුරේ රඳවා තබන ලද අතර අනෙක් පස් දෙනාට ඔවුන්ගේ ඥාතීන් වෙත යාමට අවසරය ඉන්දීය රජයෙන් හිමිවුණි.
දිනසේන රතුගමගේ