gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළමු අදියරේ සාකච්ඡා සාර්ථකයි… සෑම සෞඛ්‍ය සේවකයෙකුටම දීමනාවක් දීමට රජය එකඟවෙයි! වර්ජනය අත්හිටුවයි!

ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති පළමු අදියරේ සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් හෙට දිනයේදී දිවයිනපුරා රෝහල්වල ආරම්භ කිරිමට නියමිතව තිබු වැඩ වර්ජනය නතර කල බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ව්‍යුහාත්මක විසඳුමක් සඳහා පත් කල නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බැවින් ඉන් ලැබෙන විසඳුම මත පදනම්ව   වර්ජනය අත්හිටුවා ඇත්තේ  ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව   බව ද සංගමය කියයි.

මෙම සාකච්ඡවේදී වෛද්‍යවරුන්ට පමණක් ලබා දුන් රුපියල් 35000ක DAT දීමනාව මගින් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ට යම් අසාධාරණයක් සිදුවූ බව තහවුරු වූයෙන් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ටද දිමනාවක් ලබා දිය යුතු බව  තීරණය විය. 

එහෙත් සෞඛ්‍ය සේවකයින්ට ලබා දිය යුතු දිමනාවේ ප්‍රමාණයන් කොපමණද යන්න පිලිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් 6 දෙනෙකු මුදල් අමාත්‍යංශ නිලධාරින් 6 දෙනෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් 3 සැදුම්ලත් කමිටුවක් පත් කළ බව සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ්   පැවසුවේය.

එම කමිටුව ලබන  සඳුදා රැස්වී සෞඛ්‍ය විවිධ කණ්ඩායම් සඳහා ලබා දිය යුතු   දිමනා ප්‍රමාණයන් සහ කාල වකවානු තීරණයක කර වාර්තාවක් සකස් කිරීමට නියමිතව අතැයිද සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්  ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.

ශ්‍රියානි විජේසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka