gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞදි කප්පම් කල්ලියක් රියාල් කෝටි 180ක් ශ්‍රී ලංකා බැංකු පද්ධතියට බැර කරයි

සෞදි අරා­බියේ සංවි­ධා­නා­ත්මක කප්පම් කල්ලි සාමා­ජි­ක­යන් පිරි­සක් විසින් නීති විරෝ­ධීව උප­යා­ගත් සෞදි රියාල් කෝටි 180කට අධික මුද­ලක් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධ­ති­යට බැර ­කර ඇතැයි කියන බැංකු හා මූල්‍යා­ය­තන 60ක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙරට ප්‍රධාන රාජ්‍ය හා පෞද්ග­ලික බැංකු හා මූල්‍යා­ය­තන 15කට නියෝග කළේය.

මෙලෙස නියෝග නිකුත් වූයේ මහ­ජන බැංකුව, ජාතික ඉති­රි­කි­රීමේ බැංකුව, ලංකා බැංකුව, කොම­ර්ෂල් බැංකුව, අමානා බැංකුව, පෑන් ඒෂියා බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, හැටන් නැෂ­නල් බැංකුව ඇතුළු මෙරට ප්‍රධාන පෞද්ගල, රාජ්‍ය බැංකු සහ මුල්‍යා­ය­තන 15ක ප්‍රධාන මෙහෙ­යුම් කළ­ම­නා­ක­රු­වන් වෙතය.

මෙම සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි සාමා­ජි­ක­යන් අදාළ මුදල් මෙර­ටට එවා ඇත්තේ මෙරට විවිධ ව්‍යාපා­රි­ක­යන්ට අයත් බැංකු ගිණු­ම්ව­ලට වීම හේතු­වෙන් එම බැංකු ගිණුම් හිමි­යන් කවු­රුන්ද යන්න සම්බ­න්ධ­යෙන් ද විම­ර්ශ­නය කරන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සෞදි අරාබි රාජ්‍යයේ තානා­පති කාර්යා­ලයේ අන්ත­ර්ජා­තික සහ­යෝ­ගිතා චෝදනා ඉදි­රි­පත් කිරීමේ අංශයේ ප්‍රධා­නියා විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙත කරනු ලැබ­තිබූ පැමි­ණි­ල්ල­කට අනුව පොලි­ස්පති නිය­ම­යෙන් අදාළ විම­ර්ශ­නය ආරම්භ කළ බව අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන අංශය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබිණි.

මේ වන විට සෞදි රාජ්‍යයේ රහස් පොලි­සිය සිදු­ක­රන ලද විම­ර්ශ­න­ය­කට අනුව එරට මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පන­තට අනුව අත්අ­ඩං­ගු­වට ගෙන එරට බන්ධ­නා­ගාර ගත කර සිටින ‘යූෂස් එයිඩ් කාල්ෆ් අල­තාෆ් සහ ‘බසාම් නමැති සැක­ක­රු­ව­න්ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ලදී මෙම මුදල් ගනු-දෙනු සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණය වී ඇති බවත් ඔවුන් එරට ප්‍රධාන පෙළේ සංවි­ධා­නා­ත්මක කප්පම් කල්ලි­යක ප්‍රබල සාමා­ජි­ක­යන් බවත් එම පැමි­ණිල්ලේ සඳ­හන්ව තිබූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත.


මේ වන විට සෞදි අරා­බියේ බන්ධ­නා­ගාර ගත කර සිටින එම සැක­ක­රු­වන් එරට විවිධ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් මහා පරි­මා­ණ­යෙන් ලබා­ගත් කප්පම් මුදල් සෞදි රියාල් කෝටි 160කට අධික මුද­ලක් මෙරට බැංකු පද්ධ­ති­යට එවා ඇතැයි ද අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ සැක­ක­රු­වන් නීති­වි­රෝ­ධීව උප­යා­ගත් බව කියන එම සෞදි රියාල් 17,724,209.70ක මුදල මෙරට මුද­ල්ව­ලින් රුපි­යල් කෝටි 180කට අධික බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වන බැංකු වාර්තා ඇතු­ළත් සවි­ස්තර වාර්තා අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන ලෙසට අදාළ බැංකු හා මුල්‍යා­ය­ත­න­ව­ලට නියෝග කර­මින් නඩුව බහා තැබීය.

නිමන්ති රණ­සිංහ
– Dinamina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka