gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩලස් තනිකර නිදහස සභාවේ රොත්තක්ම සජිත් ලගට පනී!

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත් ඒ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට බවත් එසේ වූයේ නම් අද සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවත් හෙතෙම පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා එදා ජනාධිපති වූයේ නම් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමග ආණ්ඩු කිරීමටද තීරණය කර තිබූ බවත් ඔහු පැවසීය.

අද වන විට ආණ්ඩුවට පක්ෂපාතිව තිබෙන්නේ සියයට විස්සක ඡන්ද ප්‍රතිශතයක් බවත් විපක්‍ෂයේ කණ්ඩායම්වලට සියට අසූවක ඡන්ද ප‍්‍රථිපලයක් ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.

නමුත් විපක්ෂය කෑලි කෑලි වලට විසිරී තිබීම මත මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමේ උත්සාහය මෙතෙක් සාර්ථක වී නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka